සමහර වෙලාවට අපි හිතනවට වඩා වේගයෙන් තොරතුරු ලෝකය අපව වෙලා ගන්නවා.හිතන්න ඔබ උසස් අධ්‍යාපන ආයතනයක සිසුවෙක් කියලා. කලාතුරකින් කෙනෙක් හැටියට ඔබ ප්‍රතිපත්තියක් රකිනවා Online ආකාරයට කිසිම අනන්‍යතාවයක් ගොඩනගා නොගන්නා කෙනෙක් වීමට. ඔබේ මිතුරන් සමාජ ජාලාවලට යන එනවා ඔබ කිසිසේත්ම යන්නෙ නැහැ. ඔවුන් ක්ශනික පනිවිඬ සේවාවන් භාවිතාකරනවා ඔබ නැහැ. අඩුතරමින් E-mail ගිනුමක් වත් නිර්මානය කර ගන්නේ නැහැ. කොටින්ම හරිම අස්වාභාවික කෙනෙක් වෙමින් ඔබ දත්ත උපාංගයකට පිවිසෙන්නේවත් නැහැ. හොඳයි , දැන් ඔබ සන්තෝසයෙන් ඉන්නවා ඔබේ අනන්‍යතාවය ඉලෙක්ට්‍රොනික ගොදුරක් බවට පත්වෙන්නට ඉඩ නොදුන් ස්වභාව රකිනා කෙනෙක් හැටියට.
මේ ආකාරයට කාලය ගත කරමින් සිටි ඔබ වසර ගනනාවකට පස්සේ ‍රැකියා ස්ථානයේ යම් අවශ්‍ය තාවයක් නිසාම සිදුවෙනවා Profile එකක් නිර්මානය කරන්න. සරලව හිතමු Email ගිනුමක් පමනයි කියලා. පසුව වෙලාවක ඔබ නිකමට මෙන් සෙවුම් යන්ත්‍රයක ඔබගේ නම සටහන් කරලා බලනවා හරිම දක්ශ විදිහට ඔබගේ අනන්‍යතාවය ඉලෙක්ට්‍රොනික කර නොගත් පිරිසිදු මිනිහෙක්ය කියන සතුටින්.ඒත් සෙයුම් ප්‍රතිපල දකින විට ඔබ පුදුමයට පත්වේවි. සෙයුම් ප්‍රථිපල පි‍ටු දෙක තුනක්ම පිරෙන්නට විවිධ අවස්ථාවලට සම්බන්දිතව ඔබ ගැන තොරතුරු Text ආකාරයට Image ආකාරයට මෙන්ම Videos ලෙසට එහි තිබෙනවා. ඒක හරියට ඔබ ඔබගේ සිරුරේ ප්‍රමානයට සකස්කරගත් වීදුරු කුටියක සිටියා වගේ වේවි. ඔබම සම්බන්ද නොවූවත් ඔබගේ අධ්‍යාපන ආයතනය , හිතමිතුරන් අතින් , ඔබගේ නගරයේ සමාජ කටයුතු ආයතන ඔස්සේ ඔබ ගැන තොරතුරු විශාල ප්‍රමානයක් අන්තර්ජාල ගතව තිබෙනු දකිනවිට ඔබගේ සැගවීම ඔබට පමනක් සැගවිමක්වීම ගැන කනගා‍ටු සිතේවි. ඔබගේ අධ්‍යාපන ආයතනයේ සිටම විවිධ අවස්ථාවලදී ඔබගේ තොරතුරු Text හැටියට ඒ වෙතට පැමින තියේවි, උපාධි ලබන්නන්ගේ සමූහ ඡායාරුවේසිට විවිධ අවස්ථාවලදී ඔබගේ මුහුනුවර නම් වෙමින් එහි පැමින තියේවි. මම යෝජනා කරන්නේ මේක අස්වාභාවික රටාවක් නොවේ කියන එකයි. ඔබ කැමති උනත් නැතත් ඒ රටවන් ගලාගෙන යනවා. ඔබට පුලුවන් වෙන්නේ හැකි නිවැරදිම ආකාරයට ඒවා නඩංතුවට කටයුතු කිරීම පමනයි…
– Pubudu Siriwansa