විශ්වයේ ඔනැම පෙදෙසක ජීවයක් බිහිවෙලා, ඒක වර්ධනය වෙලා තම ආධිපත්‍ය ස්ථාවර වීමෙන් අනතුරුව පැමිනෙන වඩාත්ම ආකර්ශනීය මොහොත නැතිනම් හැරවුම ලෙසට තම තීරනාත්මක ගමනේ අත්පත් කරගත් හැකියාවන් යාන්ත්‍රික කර නැවත තමන් ඉදිරියට පමිනවා ගැනීම ලෙසට සිතිය හැකියි. ඒමත ස්ථාරවර වන කාලයකින් පසුව උදා වෙන්නේ නැවත සංක්‍රාන්ති සමයක් බවට දැනටමත් බොහෝ පිලිගැනීම් පලවෙමින් තිබෙනවා. එහිදී එම වර්ගයාගේ ජීවිතයයට එකතුවන කායික මනසික විවේකය සහයනයක් බවට පත්ව ඔවුන්ගේ ඊලග සීමාව ඉක්මවීමට යොමුවේවිද නැතිනම් අසහයක් බවට පත්ව එම වර්ගයාගේ පැවත්ම වඩාත් අර්බුධයට යාවිද යන්න මීලග කඬුල්ල වේවි. ඔවුනගේ සංස්කෘතික අර්ථ වලට නව විමසුමක් වුවමනා බව දැනටමත් අප හඳුනා ගනිමින් සිටිනවා. තාක්ෂනික කේද්‍රයේ මෙන්ම පරිධියේත් එකවර සමාජජාලා භාවිතයට නැවත විමසුමට ලක් කරන්නට වීම සරල උදා හරනයක්. ඇත්තටම මේක තාක්ෂනික ප්‍රෂ්නයකට වඩා සංස්කෘතික ගැටලුවක් විය යුතුය.                                                – Pubudu Siriwansa