ගිංතොට ප්‍රදේශයට පිටතින් පැමිණි පුද්ගලයන් පිරිසක් විසින් අද (17) රාත්‍රී  කාලයේ  කඩ සහ නිවාස කිහිපයකට දැඩි අලාභහානි සිදුකර ඇතැයි පොලිසිය පවසයි. පහරදීමට පැමිණි ඇතැම් පුද්ගලයන් මුහුණු ආවරණය කරගෙන සිටි බව ද ගැමියෝ කියති.

⁣මීට ටික වේලාවකට පෙර ගිංතොට ප්‍රදේශයේ වෙඩි ශබ්ද ඇසුණු බවත් කියැවේ . හෙට (19 වැනිදා) පෙරවරු 9.00 දක්වා ගිංතොට ඇතුළු ප්‍රදේශ කිහිපයකට පොලිස් ඇඳිරිනීතිය පනවා තිබේ. කුරුඳුවත්ත, මහ හපුගල, වැලිපිටිමෝදර, උක්වත්ත සහ පියදිගම ග්‍රාමසේවා වසම් වලට මෙම ඇඳිරිනීතිය බලපැවැත්වේ.

ඇති වී තිබෙන තත්ත්වය සමථයකට පත් කිරීම සඳහා සඳහා විශේෂ කාර්ය බලකාය සහ විශේෂ රාජකාරී යටතේ අවට පොලිස් ස්ථානවලට නිලධාරීන් යෙදවීමට කටයුතු කර ඇතැයි ලංකාදීපය කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා කීවේය.

අවශ්‍ය වුවහොත් සාධාරණ බලය ක්‍රියාත්මක කරන්නැයි ද ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරෙන පිරිස්වලට එරෙහිව දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කරන්නැයි පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා උපදෙස් දුන් බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන්….

http://www.lankadeepa.lk