දරුවන් ආරක්‍ෂා කිරීම, සුරක්‍ෂිත කිරීම සෑම සියලු දෙනාගේම යුතුකමක්‌ සහ වගකීමක්‌ යෑයි ද සමස්‌ත සමාජය තුළම දරුවාට ආරක්‍ෂාව තිබිය යුතු බවද ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පොළොන්නරුවේදී ප්‍රකාශ කළේය.

දරුවන්ගේ ආරක්‍ෂාව සම්බන්ධයෙන් පවතින නීතිය පිළිබඳව දැනුවත් කිරීම සඳහා රජය මගින් නීති කණ්‌ඩායම් පාසල්වලට සහ ගම්වලට එවීමට බලාපොරොත්තු වන බවද ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.