කුඩා භූමි ප්‍රදේශයකට සීමාව වසර දස දහස් ගනනක් වර්ධනය වූ මිනිසා නම් සත්වයා අද වන විට ක්ශනික පොලා පැනීමක් ඔස්සේ ලෝකවාසියෙකු වන්නට සිදුව ඇත. එක් අන්තයකින් සැලකීමේදී ප්‍රාථමික ජීවවිද්‍යාත්මක සාධක සමග සමාන්තරව ඔවුන්ව නිර්මාණය කරගත් දියුනු සංස්කෘතික කාරනාද සමග එකවර කටයුතු කරන්නට සිදුව ඇත. “මාධ්‍ය ඔබව පාලනය කරයි” සාධකය වඩාත් දිලිසෙන්නේ මෙතැනදීය.